යුද හමුදා තරුණයාගේ මුහුණ ලස්සන කළ අපූරු සැත්කම

964

මුහුණේ තිබූ විශාල කැළලක් ශල්‍ය කර්මයකින් ඉවත්කර වෙනත් ස්ථානයකින් ගත් සමක කොටස් ප්ලාස්ටික් සැත්කමකින් බද්ධ කිරීමේ සාර්ථක සැත්කමක් කෑගල්ල මූලික රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද කුමාර ජයවර්ධන මහතා විසින් සිදුකර ඇත. ඔහු මෙයට පෙරද විශ්මිත සැත්කම් කිහිපයක්ම සිදුකර ඇත.

රත්නපුරේ උඩ කරවිට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක අවිවාහක යුද හමුදාවේ සේවය කරන තරුණයෙක් මෙම ශල්‍ය කර්මයට භාජනය වී ඇත.

යුද හමුදා තරුණයාගේ මුහුණ ලස්සන කළ අපූරු සැත්කම
කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද කුමාර මහතා

මේ සම්බන්ධව ශල්‍ය කර්මය කළ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, මෙය අභියෝගාත්මක ශල්‍ය කර්මයක් බවයි. ඔහු තවදුරටත් පැවසුවේ, සති කීපයකට පෙර මෙම තරුණයා තමන් වෙත පැමිණ තමාගේ මුහුණේ ඇති මෙම උපන් කැළලය නිසා මානසික පීඩාවට පත්ව සිටින බවත්, සමාජයට මුහුණ දීමට පවා අකමැති බවත් පවසා සිටියා. මෙයට පෙර මේ සම්බන්ධව වෛද්‍ය උපදෙස් ගත්තත් ඉන් ප්‍රතිඵලයක් නොවූ බවත් පැවසුවා. ඔහුව පරීක්ෂා කර බලා ඔහුගේ මානසික තත්ත්වය වටහා ගත් මා කෑගල්ල රෝහලේ නතර වීමට උපදෙස් දී ඉකුත් 04 දා ඔහුගේ ශල්‍ය කර්මය සවස ආරම්භ කළා. ඔහුගේ

කකුලෙන් ලබා ගන්නා චර්ම කොටස් ප්ලාස්ටික් සැත්කමක් මගින් මූණට බද්ධ කිරීමට හැකිවුණා. මේ සඳහා පැය දෙක හමාරක් පමණ කාලය ගත වුණා. මෙය අභියෝගාත්මකයි. හරියට නොවුණොත් මුහුණ විකෘති වෙන්න පුළුවන්. උපන් කැළලක් නිසා සම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සිදුවුණා. මේ සඳහා දැනුම පළපුරුද්ද තිබිය යුතූයි. මෙම ශල්‍ය කර්මයට කාර්ය මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. රෝගියා නිරෝගීව

රෝහලේ ප්‍රතිකාර ලබනවා. තව දින කීපයකින් ඔහුට නිවෙස වෙත යෑමට හැකි වෙනවා යැයිද පැවසීය.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment