පෙරපාසල් ගොස් එමින් සිටි මිණිබිරිය සමග මිත්තණිය ඇළ මාර්ගයට බිලි

240

මිත්තණියගේ සිරුර හමු වෙයි
මිණිබිරියගේ සිරුර සොයා මෙහෙයුමක්

පෙරපාසල් ගොස් එමින් සිටි මිණිබිරිය සමග මිත්තණිය ඇළ මාර්ගයට බිලි
අතුරුදහන් වූ මිණිබිරිය සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර ඇත

පොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණිය (60) සහ මිණිබිරිය (05) ඊයේ (01දා) දින සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පැවසීය.

පෙරපාසල් ගොස් එමින් සිටි මිණිබිරිය සමග මිත්තණිය ඇළ මාර්ගයට බිලි
සැඩ පහරට හසු වී ජීවිතක්ෂයට පත් මිත්තණියගේ සිරුර ගිනිගත්හේන රෝහල වෙත රැගෙන ගිය අයුරු

ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පෙර පාසලට ගොස් මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසල ඇළ මාර්යක් තරණය කිරීමට යෑමේදී දෙදෙනාම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ. සැඩ පහර හසු වී ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත්ව සිටි මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහලින් තිබී හමූ වූ බවත් අතුරුදහන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත. ඇළ මාර්ගයේ තිබී හමූ වූ මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව පොල්පිටිය පොලිසිය පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක




advertistmentadvertistment
advertistmentadvertistment