උණ හැදුනු දැරියගේ අත කපයි

786


උණ රෝගය හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් ශල්‍ය කර්මයක් මගින් යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ඊයේ (04 දා) කපා ඉවත් කොට තිබේ.
මෙම දැරියට දින හතරක පමණ කාලයක් උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ලබා ගත් නමුත් සුව නොවීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට රාත්‍රියේදී දැරිය රැගෙන විත් ඇත.
දැරිය රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසුව වාට්ටුව බාර හෙදිය දැරියගේ අතට කැනීයුලාවක් දැමීමෙන් පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට පටන් ගෙන තිබේ.
වහාම මේ පිළිබදව වෛද්‍යවරුන්ට තොරතුරු දැනුම් දීමෙන් පසුව දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ඇගේ අත ඉවත් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු තීරණය කොට තිබේ.
ඒ අනුව දැරියව ශල්‍යාගාරයට රැගෙන ගොස් අත ඉවත් කොට දැරියගේ ජීවිතය බේරා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment