කිරිපිටි සූත්තරේට හර්ෂ බර තියයි

132

පුළුල්ව විශ්ලේෂණය කරලා හදපු කිරිපිටි මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතු බවත් පාරිභෝගිකයාට නියම සහනය ලැබෙන්නේ එවිට බවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

වර්ෂ 2018 කාලයේ හදපු කිරිපිටි මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා කියයි.

කිරිපිටි මිල රු.100ත් රු.150ත් අතර මිලකින් අඩුකරන බව ආණ්ඩුව කියන බවත් එසේ කිරිපිටි මිල අඩු කරන්න අපි කියනකම්ම ඉන්න වුණා දැයි තමා අසන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඇසීය.

මිල සූත්‍රය හංගලා සමාගම්වලට අයුතු ලාභ ලබන්න ඉඩ නොදෙන්නැයි තමා රජයට කියන බව ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment