පුදුකුඩිඉරිප්පුවලදී ලොරියක් දරුවන් තිදෙනකු යටකරලා තිදෙනාටම බරපතළයි

130

මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී කුඩා ලොරියක් කුඩා ළමයන් තුන් දෙනකු ද යටකර ගෙන ධාවනය වීම නිසා එම ළමයන් තුන් දෙනාම බරපතළ තුවාල සහිතව 14 දා මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.

වයස අවුරුදු 13, 15 සහ 10 වයස්වල පසුවන පිරිමි ළමුන් තුවාල ලබා ඇත්තේ ඔවුන් උත්සවයකට සහභාගි වීම සඳහා පාරේ නිවැරදි දිශාවෙන් පයින් ගමන් කරමින් සිටියදීය.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් එක් අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට රැගෙන ගොස් ඇති අතර, එක් අයකු වවුනියාව රෝහලට මාරුකර යවා ඇත.

පොලිසිය විශ්වාස කරන්නේ රියැදුරාට නින්ද යෑම නිසා ලොරිය පාරෙන් ඉවතට පැනීම නිසා පාරේ ගමන් කරමින් සිටි ළමයින් තුන් දෙනා ඊට යටවන්නට ඇති බවටයි.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment