විශ්‍රාමික උප පොලිස් පරීක්‍ෂකයා අතපය ගැට ගසා නිවසේදීම මරාදාලා

961

රූපවාහිනි යන්ත්‍රයක් – ගෑස් සිලින්ඩරයක් හා දුරකථනය අතුරුදන්

තම බිරිඳ මිය යෑමත් දරුවන් විදේශ රටවල පදංචි වීමත් නිසා හුදෙකලාව ජීවිතය ගෙවූ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකු තම නිවෙස තුළදීම අතපය ගැටගසා හිසට පහරදී ඝාතනය කොට ඇති බව කඳාන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ කඳාන, වැලිගම්පිටියේ කන්දවත්ත උසාවි පාරේ සිව්දරු පියෙකු වන 84 හැවිරිදි ගංගාදරන් සංගරන් නමැති විශ්‍රාමික පොලිස් නිලධාරියකු බව පොලිසිය පවසයි. තම දරුවන් වැඩි දෙනෙක් විදේශ රටවල පදිංචි වී සිටීමත් බිරිඳ කලෙකට ඉහත මිය යෑමත් නිසා මරණකරු තම නිවෙසේ දිගු කලත් තනිවම ජීවත්ව ඇති බව විමර්ශන කටයුතුවලදී හෙළිවූ බව පොලිසිය පවසයි. නිවසේ තිබූ වටිනා රූපවාහිනි යන්ත්‍රයත්, ගෑස් සිලින්ඩරයත් ඔහු පාවිචි කළ ජංගම දුරකතනයත් නිවෙසින් අතුරුදහන්ව ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත. තම සීයා බැලීමට තම බිරිඳ සමග කඳාන පිහිටි ඔහුගේ නිවෙසට පැමිණි අවස්ථාවේ නිවෙස තුළින් හමාආ අධික දුර්ගන්ධය නිසා සැකයක් ඇතිවී ඒ පිළිබඳව කඳාන පොලිසියට පැමිණිලි කළ බව මරණකරුගේ මුණුබුරෙකු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණයේදී බාගෙට නරක් වී තිබුන මළසිරුර නිවෙස් මුළුතැන්ගෙයි අතපය ගැට ගසා බිම දමා තිබියදී හමුවූ බව පොලිසිය පවසයි. මියගිය අයගේ මළ සිරුර පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

බී.ටි.කේ – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment