මාවතගම දෙපිරිසක් අතර ගැටුමෙන් තරුණයෙක් මරුට

397

තුවාල ලැබූ එක් අයෙක් රෝහලේ

කුරුණෑගල, මාවතගම, පිලැස්ස ප්‍රදේශයේ දෙපිරිසක් අතර පෙරේදා (11දා) රාත්‍රී 11.30ට පමණ ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි මාවතගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මාවතගම, පිලැස්ස පදිංචිව සිටි මලිත් ධනුෂ්ක නමැති 24 හැවිරිදි තරුණයෙකි.

දෙපාර්ශ්වය අතර පැවති පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

විනාඩි 15ක කාලයක් තිස්සේ ගැටුම පැවති බවත්, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ තත්ත්වය මැඩ පැවැත්වූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් අයකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගැටුමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුමෙන් පසුව ද ප්‍රදේශයට පොලිසියේ හා විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබාදී තිබෙන අතර මාවතගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment