රටට නිදහස දිනා දුන් ඩී. එස්. 71 වැනි ගුණ සමරුව අදයි

1215

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 71 වැනි ගුණානුස්මරණය අද (22දා) ට යෙදී ඇත.

මෙරට නිදහස් සටනේ පුරෝගාමියකු වූ ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් 1884 ඔක්තෝබර් මස 20 වැනිදා මීරිගම, බෝතලේදී උපත ලැබීය. ‘ජාතියේ පියා’ (Father of Nation) නමින් විරුදාවලි ලද ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වූ අතර කලක් මිනුම්පති කාර්යාලයේ ලිපිකරුවකු ලෙසද සේවය කළේය. 1912 දී සිය පවුලේ සහෝදරයන් සමගින් එක්ව අමiප ව්‍යාපාරය ආරම්භ කළ ඒ මහතා 1915 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ මරක්කල – සිංහල කැරැල්ලේ දී ඉංග්‍රීසි ආණ්ඩුවේ බලධාරීන් චෝදනා රහිතව ඩී. එස්. සේනානායක මහතා ප්‍රමුඛ පිරිසක් දින 46ක් බන්ධනාගාරගත කරනු ලැබීය.

1924 දී ව්‍යවස්ථාදායක සභාව සඳහා මීගමුව අසුනින් ප්‍රථමයෙන් තේරී පත්වූ සේනානායක මහතා 1931 දී යළිත් මිනුවන්ගොඩ අසුනින් රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා තේරී පත්විය. ඒ මැතිවරණයෙන් පත්වූ ඩී. එස්. සේනානායක මහතා එහි කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයට පත්විය. 1936 වසරේදී යළිත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මිනුවන්ගොඩ අසුනින් තේරී පත්වූ ඒ මහතා එම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ද කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයට පත්විය. 1941 දී දෙවැනි ලෝක යුද්ධ සමයේ ආරම්භ කළ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලංකා යුද්ධ සභාවේ සාමාජිකයකු ලෙස සේනානායක මහතා පත්කළ අතර හේ ඊට අමතරව කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරය ද හෙබවූයේය. 1942 දෙසැම්බරයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක හා එම සභාවේ අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස පත්විය. 1946 වර්ෂයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂය බිහි කළේය. 1947 ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් පාර්ලිමේන්තුවේ මීරිගම අසුන ජයගෙන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ආරම්භ කළ ශ්‍රී ලංකාවේ විශාලතම දිගුකාලීන බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස සැලකෙන ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් විය. 1949 වර්ෂයේ ඇරැඹි මෙම යෝජනා ක්‍රමයේ වැඩ 1953 දී අවසන් වූ අතර, ඉඟිනියාගල ජලාශය, ගල්ඔය ජලාශය නමින් හඳුන්වන මෙම ජලාශය සේනානායක සමුද්‍රය නමින් ද ප්‍රකටය. අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ඉදිකළ මෙම ව්‍යාපෘතිය යටතේ දෙලක්‍ෂ පනස්දහසක ජනතාවක් මෙම ප්‍රදේශයේ පදිංචි කළ අතර කුඹුරු අක්කර දහසකට අධික ප්‍රමාණයකට මෙමගින් ජලය සැපයේ. ගල්ඔය ජාතික උiානය, සේනානායක සමුද්‍ර අභය භූමිය හා ගල්ඔය නිරිතදිග අභය භූමිය මින් අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ විය. මේ නිසාම සිය පුත්‍රයා (ජ්‍යෙෂ්ඨ) ශ්‍රී ලංකාවේ සිව්වරක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩඩ්ලි සේනානායක මහතාට කෘෂිකර්ම ඇමැති ලෙස සිය ප්‍රථම ආණ්ඩුවේ වගකීම් භාරදුන් අතර 1952 මාර්තු 21 වැනිදා ගාලුමුවදොර පිටියේදී අසුපිට නැගී උදෑසන ගමන් කරමින් සිටියදී අසුපිටින් වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මාර්තු 22 වැනිදා අභාවප්‍රාප්ත විය.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment