මිලියන තුනක් බලපු “මම සිල් බිඳ ගත්තේ” ගීතය හැදුනේ රශ්මි චිත‍්‍රපටයට – ප‍්‍රීති රාජ් වීරරත්න

731

‘‘මම මෙතෙක් නිර්මාණය කළ හැම චිත‍්‍රපටියක්ම ‘‘ඇක්ෂන් ඇන්ඞ් කොමඩි’’ චිත‍්‍රපටි ගණයට වැටෙන්නෙ. ‘‘රශ්මි’’ කියන්නෙ ඒකට බොහොම වෙනස් තේමාවක් ගත්ත චිත‍්‍රපටියක්. මේ සිනමාපටයේ තේමාව වෙන්නේ ‘‘ආදරයට ආදරය කරන්න’’ යැයි ප‍්‍රීති රාජ් වීරරත්න තමන්ගේ හයවැනි සිනමා නිර්මාණය ‘‘රශ්මි’’ තිරගත කිරීමට අභිමුව හිඳ පවසයි.

අනූව දශකයේ සිංහල සිනමාවේ අතිශය ජනප‍්‍රිය වූ නොම්බර 17 සිනමාපටයෙන් සිනමාවට පිවිසි ප‍්‍රීති රාජ් විරරත්න සූර වීර චණ්ඩියෝ, ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, පුදුමයි ඒත් ඇත්තයි, තිත්ත ඇත්ත වැනි බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජනප‍්‍රිය චිත‍්‍රපටි පහක් සිංහල සිනමාවට දායාද කළ සිනමාකරුවෙකි. රශ්මි සිනමාපටය වසර තුනක නිහැඬියාවකට පසු ඔහු විසින් රිදී තිරයට තිලිණ කරන නිර්මාණය වන අතර මෙම චිත‍්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ නිර්මාණ අධ්‍යක්ෂණයට හිමිකම් කියන්නේද ප‍්‍රීති රාජ් වීරරත්න ය.

මිලියන තුනක් බලපු "මම සිල් බිඳ ගත්තේ" ගීතය  හැදුනේ රශ්මි චිත‍්‍රපටයට - ප‍්‍රීති රාජ් වීරරත්න
මිලියන තුනක් බලපු "මම සිල් බිඳ ගත්තේ" ගීතය  හැදුනේ රශ්මි චිත‍්‍රපටයට - ප‍්‍රීති රාජ් වීරරත්න

සත්‍ය කතාවක් පසුබිම් කරගෙන සිනමාවට නැගූ රශ්මි සිනමාපටයේ උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, අකලංක ගනේගම, ලකී ඩයස්, දුලීකා මාරපන, ජයසේකර අපෝන්සු, සුසිලා කෝට්ටේගේ ඇතුළු ශිල්පීන් රැසක් රංගනයේ නියැලී ඇත.

‘‘මම මෙතෙක් නිර්මාණය කළ හැම චිත‍්‍රපටියක්ම ‘‘ඇක්ෂන් ඇන්ඞ් කොමඩි’’ චිත‍්‍රපටි ගණයට වැටෙන්නෙ. ‘‘රශ්මි’’ කියන්නෙ ඒකට බොහොම වෙනස් තේමාවක් ගත්ත චිත‍්‍රපටියක්. මේ සිනමාපටයේ තේමාව වෙන්නේ ‘‘ආදරයට ආදරය කරන්න’’ කියන පාඨය. රශ්මි චිත‍්‍රපටයේ සංගීතය කළේ ඉරාජ්. ඉරාජ්ගේ යූ ටියුබ් එකේ මිලියන තුනක් බලපු ‘‘මම සිල් බිඳ ගත්තේ .. මුල් සිඳ ගත්තේ..’’ ගීතය හැදුනේ රශ්මි චිත‍්‍රපටයට’’ යැයි ප‍්‍රීති රාජ් වීරරත්න පවසයි.

මිලියන තුනක් බලපු "මම සිල් බිඳ ගත්තේ" ගීතය  හැදුනේ රශ්මි චිත‍්‍රපටයට - ප‍්‍රීති රාජ් වීරරත්න
මිලියන තුනක් බලපු "මම සිල් බිඳ ගත්තේ" ගීතය  හැදුනේ රශ්මි චිත‍්‍රපටයට - ප‍්‍රීති රාජ් වීරරත්න

රශ්මි සිනමාපටය තිරගත කිරීමෙන් ලැබෙන සියයට හතළිස්පහක නිෂ්පාදක ආදායමෙන් සියයට දෙකයි දශම පහක් සිනමාහල් නඩත්තුවටද, තවත් සියයට දෙකයි දශම පහක් තමන් සමග නිර්මාණවලට සම්බන්ධව මේ වන විට ආර්ථික අගහිඟකම් ඇති කලාකරුවන්ට ලබාදීමට ද තමන් අදහස් කරගෙන තිබෙන බව ප‍්‍රීති රාජ් වීරරත්න පවසයි.

වසර එකහමාරක් තිස්සේ කොවිඞ් නිසා සිනමාශාලා වසා තිබියදී වගකිව යුතු නිලධාරියෙක් වත් රජයවත් ඒ අයට උදව්වක් කළේ නෑ. ඒකෙන් තමා සිනමාශාලා වසා දැමුණේ. ඒක හරිම ඛේදවාචකයක්. ඒ වගේම එම කාලය තුළ ගොඩක් කලාකරුවන් අසරණ වුණා. අපි ඒ කාලෙත් පුළුවන් තරමින් අපිත් එක්ක හිටිය කලාකරුවන්ට උපකාර කළා. මේ චිත‍්‍රපටයෙන් ලැබෙන ආදායමෙන් සියයට දෙකයි දශම පහ ගාණේ මෙම කටයුතු දෙක සඳහා යොදවන්න අදහස් කළේ ඒකයි. ප‍්‍රීති රාජ් වීරරත්න පවසන්නේය.

එසේම සිනමාපටයේ ප‍්‍රචාරක වියදම අඩු කිරීමෙන් පසු ඉතිරවන සෙසු ආදායම වැසී ගිය සිනමාශාලාවක් යළි විවෘත කිරීම සඳහා යෙදවීමට ඔහුගේ අදහස වී ඇත.

‘‘මම රශ්මි චිත‍්‍රපටයෙන් ලැබෙන සියයට සියක ආදායම යොදවන්නෙ සිනමාව වෙනුවෙන්. මේ වෙලාවේ විදුලිය විසන්ධි වීම් වැනි ගැටලූ නිසා චිත‍්‍රපටියක් මුදා හැරීම අවදානමක් වුණත් මම හිතනවා ඒ අභියෝගය ජය ගන්න මට පුළුවන් කියල. මොකද පාස්කු ප‍්‍රහාරයෙන් පස්සෙ සිනමාවට අවදානමක් තිබුණත් ඒ අවස්ථාවේ මම දාපු තිත්ත ඇත්ත චිත‍්‍රපටිය දින සියයක් සාර්ථකව ප‍්‍රදර්ශනය වුණා.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment