සෞන්දර්ය විෂය නැතිව සා.පෙළ ප‍්‍රතිඵල දීමට අවධානය

198

සෞන්දර්ය විෂය නොමැතිව අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

1988/89 කාලයේදී රටේ පැවැති තත්ත්වය සැලකිල්ලට ගෙන විෂයන් 06 කට අදාළව ප‍්‍රතිඵල නිකුත් කර ඇති නිසා එය පාදක කරගෙන ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇතැයි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

විභාගය සඳහා සිසු සිසුවියන් 6,22,000 ක් පෙනී සිටි අතර 1,69,000 ක්වූ සිසුන්ගේ ප‍්‍රායෝගික පරීක්‍ෂණ මාස 7 ක් තිස්සේ පැවැත්වීමට නොහැකිවීම නිසා ප‍්‍රතිඵල ලබාදීම ඇනහිට ඇත. 1,62,000 ක් වන සිසුන් පාසල්වල වාර විභාගවලදී සෞන්දර්ය විෂයයන් සඳහා ලබාගත් ලකුණු විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා ගෙන ඇතත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා 7000 ක පිරිසකගේ එවැනි වාර විභාග ලකුණු නොමැතිවීම නිසා එම විෂයට සමස්ථයක් ලෙස සලකා සාමාර්ථයක් ලබාදීම ගැටලූවක් වී තිබේ.

මේ සියලූ කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සහ විභාග කොමසාරිස් දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සාකච්ඡුා කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාව ඇමැතිවරයා විසින් මේ සතිය ඇතුළත ප‍්‍රකාශ කරනු ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment