හමුදා සෙබළෙකුට පහරදී බොරු නඩුවක් පටලවා පොලිසියට බාරදීලා… පොලිසියට බාරදී සුළු මොහොතකින් සෙබළා මියගිහින්

356

පින් කැටයක් කැඞීමට ගොස් හසුවුනැයි පවසමින් විහාරස්ථානයක හිමිනමක් විසින් දඹුල්ල පොලිසිය වෙත බාරදුන් තරුණයෙකු රෝහල් ගත කිරීමෙන් සුළු මොහොතකට පසු අභිරහස් ලෙස මියගිය අතර මෙම මරණය ඝාතනයක් බව (30* දඹුල්ල මුලික රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

දඹුල්ල, ජලාශ පාරේ පදිංචි 23 හැවිරිදි පසිඳු ෂෙහාන් කරුණාතිලක මෙසේ ඝාතනයට ලක්ව ඇත. මෙම තරුණයා හමුදා සෙබළෙක් වන අතර රාජකාරියට වාර්තා නොකර සිටි මෙම තරුණයා (29* දින යළිත් රාජකාරියට වාර්තා කිරීමට නියමිතව සිටියදී ඝාතනයට ලක්ව තිබේ. මිතුරෙකුගේ ඇමතුමකට නිවෙසින් බැහැරව ගොස් ඇති තරුණයා සිව් දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් මෝටර් රථයක නංවා ගෙනගොස් මෙතෙක් අනාවරණය වී නොමැති හේතුවකට පහරදී පසුව බකමුණ, උණපඳුරුයාය ප‍්‍රදේශයේ පන්සලක හිමිනමකට බාරදී ඇත්තේ පින් කැටයක් කඩමින් සිටියදී හසුවුණු බව පවසමිනි. ඒ වනවිටත් පහරකෑමට ලක්ව සිටි තරුණයා එම විහාරස්ථානයේ හිමිනම විසින් 119 දුරකතනයට කතාකර දඹුල්ල පොලිසියට බාරදීමෙන් පසු අසාධ්‍ය තත්වයේ සිටි තරුණයා රෝහල් ගතකර සුළු මොහොතකින් මියගොස් තිබේ.

අදාළ විහාරස්ථානයේ පින් කැටය කඩා නොමැති බවටද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

හිසට හා ශරීර අභ්‍යන්තර ඉන්දිරියන්වලට බරපතළ තුවාල සිදුවීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති අතර සිද්ධිය පිළිබ`ද සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන් ඇත.

සෙසු සැකකරුවන් ප‍්‍රදේශයෙන්  පළාගොස් ඇති බව පොලිසිය කියයි. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි..

දඹුල්ල-සරත් එරමිනිගම්මන

advertistmentadvertistment
advertistmentadvertistment