චාල්ස් රජුගේ අභිෂේකයට ජනපති එංගලන්තයට- වැඩබලන්න ෂෙහාන් සහ ප්‍රමිත

130

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) අලුයම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හෙට (06) දින වෙස්ට්මිනිස්ටර් ෂැබේහිදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින කාලය තුළ ආරක්‍ෂක ඇමැති ධුරයේ වැඩ බැලීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද මුදල් රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය මුදල් ඇමති ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇත.

මේ අනුව ජනාධිපතිවරයා විදේශ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් 2023 මැයි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ආර්ථික ස්ථාධිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ වැඩබැලීම රාජ්‍ය මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment