වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමි අපවත් වී වසර 200යි

202

ශ්‍රී ලංකාව පුරා පානදුරාවාදය ආදී ප්‍රසිද්ධ වාද පවත්වමින් මෙරට සම්බුද්ධ සාසනයේ පුණර්ජීවය නැවත ඇති කොට වඳාළ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් ජන්ම ලාභය ලබා අදට (9) වසර 200ක් සම්පූර්ණ වේ. මේ නිමිත්තෙන් විශේෂ සමරු වැඩසටහනක් බළපිටියේ පිළිරුව අබියසදී පැවැත්වීමට බළපිටිය ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ විශේෂ ද්වි සංවත්සර මහෝත්සව කමිටුව විධිවිධාන යොදා ඇති බව අප වෙත ලිපියක් එවා ඇති නිමල් ජේ. ද එස්. කනගරත්න මහතා පවසයි.

සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන පූජ්‍ය ශාස්ත්‍රවේදී බළපිටියේ ධම්මික හිමි, බළපිටිය මොහොට්ටි වත්ත ශ්‍රී සුමනාරාමාධිපති, බළපිටිය අඹගහපිටිය මහා පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති, පූජ්‍ය ශාස්ත්‍රපති කහවේ විමලජෝති නාහිමි සහ බළපිටිය සාමණේර භික්ෂු විද්‍යාලයේ පරිවේනාධිපති, පූජ්‍ය ශාස්ත්‍රපති බළපිටියේ විමලවාස නාහිමිපාණන් වහන්සේ ඇතුළු නාහිමිවරුන් රාශියක් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම බුදු දහම නඟා සිටුවීමේලා කටයුතු කරන බව සඳහන් කර සිටිනුයේ වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමි පාණන්නන්ගේ ශ්‍රී නාමයට ගෞරවයක් වශයෙනි.

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන් ජන්ම ලාභය ලැබූ බළපිටිය මොහොට්ටි වත්ත මංසංන්දියේ නාහිමියන්ගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් වර්ෂ 1965 දී බළපිටිය තරුණ බෞද්ධ සංගමය මගින් එවකට සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මහතා විසින් ඉදිකිරීමට කටයුතු කළ අතර එය විවෘත කරන ලද්දේ එවකට අග්‍රාමාත්‍යව සිටි ඩඩ්ලි සේනානායක ශ්‍රීමතාණන්ගේ සුරතිනි. එම පිළිරුව විවෘත කිරීමේ පුවරුවේ සඳහන් වන්නේ “ශ්‍රී සම්බුද්ධ සාසනයේ පුණර්ජීවය නැවත ඇති කොට වඳාළ වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන්ගේ ජීවමාන ප්‍රමාණයේ මෙම පිළිරුව මෙම ස්ථානයේ කරන්නට යෙදුනේ ව්‍යවහාර වර්ෂ 1965 වැන්නේදීය” යනුවෙන් පමණක් වන අතර එය ඉදිකරන්නට කටයුතු කළ ශ්‍රී ලංකා ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූ ලලිත රාජපක්ෂ හෝ එම පිළිරු එවකට විවෘත කළ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක යන මහත්වරුන් ගේ නම් කිසිවක් සඳහන් නොවන අතර එය අද අපේ දේශපාලනඥයන්ට හොඳ ආදර්ශයකි. මෙම ගුණ සරු උත්සව සංවිධානයේ ප්‍රධාන අනුශාසක වශයෙන් කටයුතු කරන අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, බළපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ පරිවේනාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත බළපිටියේ සිරි සීවලී නාහිමි පාණන්වහන්සේ එදා උන්වහන්සේගේ සියවස් සමරුවේදී පැවිදි දිවියට ඇතුළත් වූ ස්වාමීන් වහන්සේ නමක වීම ගුණානන්ද නාහිමියන්ට පිදෙන ගෞරවයකි.

ඊට අමතරව සියවස් සමරුවේදී පැවිදි දිවියට ඇතුළත් වූ බළපිටිය සභද්‍රාරාම පුරණ මහා විහාරාධිපති වශයෙන් සහ බළපිටිය භික්ෂු විද්‍යායේ කටයුතු භාර ගන්නා ලදි.

ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් 1890 සැප්තරම්බර් 21 වැනිදා කොටහේන දීපදුත්තාරාමයේදී අපවත් වී වඳාළහ. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී පණ්ඩිත අම්බලන්ගොඩ සුමේදානන්ද හිමියන්ද උන්වහන්සේ පිළිබඳ විශේෂ ලිපියක් අප වෙත එවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment