විසිපස් හැවිරිදි පෙම්වතියගේ අත ගන්න පැමිණි හතළිස් හැවිරිදි පෙම්වතා මරුට

287

පියා සහ මල්ලී සැකපිට අත්අඩංගුවට

රොටුඹ පොලිස් වසමේ, නාපත්ඇල්ල පොතුවිල, ගල්ලන්දහේන ලිපිනයේ පිහිටි වයස අවුරුදු විසිපහක්වූ තම පෙම්වතියගේ නිවසට පැමිණි, රත්නපුර, කහවත්ත, පනාපිටිය ලිපිනයේ පදිංචි අවුරුදු හතළිහක් (40) වයසැති පුද්ගලයෙකු තම පෙම්වතිය වූ සරසවි සිසුවිය සමග වාහවීමට ඇති අවශ්‍යතාව දෙමාපියන්ට දැනුම් දී ඇත.

එහිදී දෙදෙනාගේ වයස් පරතරය පිළිබඳව ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් එම තරුණියගේ පියාවූ උදැල්ලකින් සහ එම තරුණියගේ සහෝදරයකු වූ දහඅට (18) හැවිරිදි අය වක් පිහියකින්ද පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇත.

කලක සිට පැවති මෙම සබඳතාවට පවුලේ විරෝධතාව පැවතුණත් අඛණ්ඩව මෙම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත. ඝාතන සිද්ධියට අදාළ තරුණියගේ පියා සහ සහෝදරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 05 දා පස්වරුවේ මොරවක මහෙස්ත්‍රාත්වරයා විසින්

ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇත. ඊයේ (06 දා) මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි. මෘතදේහය ඌරුබොක්ක, හීගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. වැඩිදුර පරීක්ෂණ රොටුඔ පොලිසිය සිදු කරයි.
වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment