ෆේස් බුක් ගිණුම සොරාගෙන තරුණියක අපහසුතාවට පත් කළ 17 කොල්ලා අල්ලයි

398

මුහුණු පොතේ ගිණුමක් සොරාගෙන ඒ ඔස්සේ අසභ්‍ය ඡායාරූප පළකරමින් තරුණියක අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයකු බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි තරුණියක විසින් බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබිණි.

17 හැවිරිදි තරුණිය තම ජංගම දුරකථනයේ ඇති වූ තාක්‍ෂණික ගැටලුවක් නිරාකරණය කර ගැනීමට මෙම තරුණයාට දුරකථනය අලුත්වැඩියා කිරීම සඳහා දුන් අවස්ථාවේදී එම දුරකථනයේ මුරපදය සහ විiුත් ලිපිනය වෙනස් කරමින් තරුණියගේ ෆේස් බුක් ගිණුම සොරාගෙන ඇති බව පැවසේ.

සිද්ධියට සම්බන්ධ තරුණයා තරුණියගේ නිවස අසලම ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ අතර සිද්ධියට මුහුණ දුන් තරුණියගේ ඥාතීන් සහ තරුණයාගේ ඥාතීන් අතර පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇය අපහසුතාවට පත් කිරීම සඳහා තරුණයා විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment