යතුරුපැදියේ හොර 5000 නෝට්ටු 250ක් 500 නෝට්ටු 27ක්- සරසවි සිසුවෙක් සහ තරුණයෙක් දැලේ

338

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 250 ක් සහ රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 27 ක් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ තරුණයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අලිමංකඩ පොලිස් මාර්ග බාධකයේදී පලෙයි පොලිසිය පෙරේදා (04 දා) සවස සමත් විය.

යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් සැක කටයුතු යතුරුපැදියක් පලෙයි පොලිසියේ නිලධාරීන් විසින් නවත්වා පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවා 24 හැවිරිදි වියේ පසු වන අයකු බවත්, අනෙක් සැකකරු 26 වැනි වියේ පසු වන අයකු බවත් පොලිසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු හා මිරුසුවිල් යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment