ගංගොඩවිල ළමා නිවාසය විකුණන් කෑමට සූදානමක

248

ජාතික උරුමයන් රැකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක

ගංගොඩවිල ළමා නිවාසය වසා දමා එම ස්ථානය විකුණන් කෑමේ පළමු පියවර ලෙස එම ස්ථානයේ නේවාසිකාගරයක් ස්ථාපිත කිරීමට බෞද්ධ මහා සම්මේලනයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සූදානම් වන බව, ජාතික උරුමයන් රැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක මහතා පැවසීය.

මෙම නේවාසිකාගාරය 1957 වර්ෂයේ දී ආරම්භ කර ඇති බවත්, එය පිහිටා තිබෙන පර්චස් 305 කින් යුතු ඉඩම මේ වන විට ලක්ෂ 22,000 ක් පමණ වටිනා බව සඳහන් කළ ඒ මහතා එම තීරණයට එරෙහිව එල්ල වූ විරෝධය නිසා මේ වන විට ළමා නිවාසයේ කොටසක පමණක් නේවාසිකාගාරය ආරම්භ කිරීමට යළි යෝජනා වී තිබෙන බව පැවසුවේය.

බාලිකා නිවාසයක් වන මෙම ස්ථානයේ කොටසක නේවාසිකාගාරයක් ආරම්භ කළේ නම් එම ළමයින් අපයෝජනයකට ලක්විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා ආයතනය නඩත්තු කිරීම සඳහා මුදල් ඉපැයීමට බෞද්ධ සම්මේලනය සතුව දේපළ තිබියදී මෙම නේවාසිකාගාරය වසා දැමීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ නම් ඊට එරෙහිව නීතිය ඉදිරියට යන බවට පැවසුවේ පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදීය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment