පොලිසිය සැකකරුගේ ඡායාරූප ගත් පසු – මොන පෙරට්ටුද?  – කොටුව විරෝධතාවේදී ඇල්ලූ 21කට ඇප

451

– සැකකරු රිමාන්ඩ් කිරීමේ ඉල්ලීම ඉවත දමමින් මහෙස්ත්‍රාත් කියයි

පොලිසියේ අවම බලය අරගලකරුවන්  සිව්දෙනකුට දරුණු ලෙස පහර දීමයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

පොලිසිය සැකකරුගේ ඡායාරූප ගත් පසු - මොන පෙරට්ටුද?  - කොටුව විරෝධතාවේදී ඇල්ලූ 21කට ඇප

පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශයට පිවිසෙන දොරටු අවහිර කර මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ වීරගහවත්තේ කාශ්‍යප හිමියන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර ඇතුළු 21 දෙනකු ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20දා) පස්වරුවේ නියෝග කළේය.

පොලිසිය සැකකරුගේ ඡායාරූප ගත් පසු - මොන පෙරට්ටුද?  - කොටුව විරෝධතාවේදී ඇල්ලූ 21කට ඇප

පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ගාලු මුවදොර පිටියේ රැඳී සිටිමින් රජයට එරෙහිව විරෝධතා දක්වන එම අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට හා මුදල් අමාත්‍යාංශයට පිවිසීමට ඇති සියලු මාර්ග අවහිර කිරීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලයට හා මුදල් අමාත්‍යාංශයට පිවිසෙන නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් සිදුවන බවත් එකී දොරටුවලින් ඉවත්වන ලෙසට කරන ලද දැනුම්දීම නොතැකීම නිසා අවම බලය පාවිච්චි කර ඔවුන් අත්අඩංගුවටගත් බවත් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි දිල්රුක් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පොලිසිය සැකකරුගේ ඡායාරූප ගත් පසු - මොන පෙරට්ටුද?  - කොටුව විරෝධතාවේදී ඇල්ලූ 21කට ඇප

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබියදී එලෙස දොරටු අවහිර කිරීම නිසා එකී සාකච්ඡාවලට ද එමගින් බාධා සිදුවී ඇතැයිද සහකාර පොලිස් අධිකාරිවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඊයේ අයි. එම්. එෆ්. නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවක් පිළිබඳ අරගලකරුවන් නොදන්නා බවත් ජනාධිපතිවරයාගේ උපන්දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත සාදයක් ගැන පමණක් ඔවුන් දැනුවත්ව සිටි බව එහිදී අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පොලිසිය අවම බලය පාවිච්චි කර ඇත්තේ අත්අඩංගුවට ගත් සිවුදෙනකුට දරුණු ලෙස පහරදීමෙන් වන්නේ යැයිද පෙන්වා දුන්නේය.

එකී අරගලකරුවන් සිවුදෙනා අධිකරණ වෛi නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එකී පහරදීමෙන් බාහිර තුවාල සිදුවී නොමැති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා එකී අරගලකරුවන් අතරින් දෙවන සැකකාර අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී සිද්ධිය වීඩියෝගත කිරීම නිසා වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී අරගලවලට එරෙහි පිරිසක්ද සිටිනා බැවින් මෙම සැකකරුවන් මුදාහැරියහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් ඔවුන් ලබන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධානාගාරගත කරන ලෙසට ද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂ්ප කළ මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවකුට රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප නියම කර මුදාහැරීමට නියෝග කළේය. එම නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය නියම කළේය.

මේ අතර පසුගිය 9 වැනිදා පොලිස් මූලස්ථානය අසල පැවැති විරෝධතාවකදී ජල විදින යන්ත්‍රයකට හා මාර්ග බාධකවලට හානිකර රුපියල් 69,000 කට අධික අලාභයක් සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අරගලකරුවකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට හා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව පොලිසිය කළ ඉල්ලීමක් ද මහෙස්ත්‍රාත්වරයා එහිදී ප්‍රතික්‍ෂේප කළේය.

රෝෂන් අලිදාසන් අලි නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියට රැගෙන ගිය අවස්ථාවේදී එහි පැමිණි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ ඡායාරූප ලබාගෙන ඇති බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. තමන් යටතේ සේවය කරන පොලිස් සැරයන්වරයකු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස නම්කර තිබියදී සැකකරුගේ ඡායාරූප එහි ස්ථානාධිපතිවරයා විසින් ලබාගැනීමෙන් පසු කුමන පෙරට්ටු දැයි පොලිසියෙන් විමසූ මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක, ඡායාරූප – නිමල් දයාරත්න සහ සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment