කොචි සිට කොළඹ දක්වා ඉන්දියාව එල්එන්ජී නළ මාර්ගයක් හදනවා – ඉන්දීය මහ කොමසාරිස්

374

ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් එල්එන්ජී නළ මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

මෙරට විදුලි පිරිවැය අඩුකිරීම සඳහා එය වඩාත් මහෝපකාරී වනු ඇතැයි ද සන්තෝෂ් ජා මහතා පවසයි. එරට 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙසේද කීය.

“2023 ජූලි මාසයේ සිට අපි යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ආරම්භ කර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා දියත් කර තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන අවස්ථා ඉන්දියාව විවෘත කළා සේම, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීමෙන් අපගේ ආර්ථික හවුල්කාරීත්වය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන විභවයන් වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාව සංවර්ධනය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අපගේ අවශ්‍යතා එකිනෙකට බැඳී තිබෙනවා.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment