එල්පීඑල් වෙන්දේසිය ඇරඹේ

124


මෙරට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ශැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

පළමුවරට පැවැත්වෙන මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

ඒ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 204 දෙනෙකු සිටින අතර විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකු සිටී.

වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාව සඳහා හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්, ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා ද එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment