උ.පෙළ පිළිතුරු පත්‍ර බැලීම හෙට අරඹයි

161


දිවයින පුරා මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment