දින තුනෙන් පාස්පෝට් හෙට සිට

748


විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් සූදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව හෙට (15) දිනයේ සිට අයදුම්කරුවන් හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 කට අනුබද්ධ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී ලබා දීම සිදුකල හැක.

එසේ ලබාදීමෙන් අනතුරුව දින තුනකින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තැපෑල හරහා නිවෙසටම එවීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදයේ සමාරම්භක අවස්ථාව හෙට පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත ය.

advertistmentadvertistment
advertistmentadvertistment