බද්දට එරෙහිව වෘත්තිකයෝ සටනට

153

සියලු වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය ජනතාව මත අධික බදු බරක් පටවමින් රජය ගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා නොගන්නේ නම් ඉදිරියේදී රජයට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

රටේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුව ඇතත්, ශ්‍රී ලංකාව ඉතා අසාධාරණ ලෙස ලෝක බදු මූලික හර පද්ධතිය පවා දැඩිව උල්ලංඝනය කරමින් පවතින බැවින් එයට එරෙහිව නීති ක්‍රියාමාර්ගයනට පිවිසීමට ද තීරණය කර ඇතැයි එම එකමුතුව පෙරේදා (24 දා) පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ජීවන වියදම් ද ඉතා ඉහළ අගයක් වාර්තා කර තිබියදී යුක්තිගරුක නොවන දැඩි බදු ප්‍රතිපත්තියක සිට රට කරවීමට පාලකයන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත්, එය බංකොලොත්භාවයට ලක්ව ඇති මෙරටට කිසිදු ආකාරයකින් නොගැලපෙන බවත් වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය හමුවේ දී කීවේය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛi චමිල් විජේසිංහ මහතා,

රජය ගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව අපි වෘත්තීය සමිති එකමුතුව ලෙස විරෝධතා දැක්වූවා. නමුත් පොලිසිය දරදඬු සහ පිළිකුල් සහගත ලෙස අපේ අයිතීන් උල්ලංඝනය කිරීමට කටයුතු කළා. තරු, පටි, තනතුරු වරප්‍රසාදවලට එහෙම හැසිරුණු පොලිසියට විරුද්ධවත් අපි නීති ක්‍රියාමාර්ග ගන්නවා.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment