බද්දට දුන් ඉඩමේ කෝටි 17ක හිල්

105

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් බදු පදනම මත ලබා දීම වෙනුවෙන් 2022 වර්ෂයට අදාළව රුපියල් විසිහතරකෝටි තිස්දෙලක්ෂ විසිපන්දහස් නමසිය විසිදෙකක (243,225,922) මුදලක් අයවීමට ඇතත් මින් අයකර ගෙන ඇත්තේ ලැබිය යුතු බදු මුදලින් සියයට 29ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ බදු ආදායම වශයෙන් අයකර ගෙන ඇත්තේ රුපියල් හත්කෝටි එකොළොස් ලක්ෂ හතලිස්දහස් හාරසියපනස් අටක මුදලක් (71,140,458) බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව අය වීමට ඇති හිඟ බදු මුදල රුපියල් දාහත්කෝටි, විසිලක්ෂ, අසූපන්දහස්, හාරසිය හැටහතරකි. හිඟ බදු ආදායම් එකතු කිරීමේ කටයුතු ආකාර්යක්ෂමතාවකින් යුතුව පැවතුණු බවත් කාර්යක්ෂමව බදු ආදායම වැඩි කර ගැනීමට කටයුතු කර නැති බවත් විගණනය මගින් සඳහන් කර තිබුණි.

මේ පිළිබඳ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ කොවිඩ් වසංගතය හා ආර්ථික උද්ධමනය තුළ බදුකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවය. හිඟ බදු මුදල් වාරික වශයෙන් අය කර ගැනීමටත් දීර්ඝ කාලයක සිට බදු නොගෙවා පැහැර හරිනු ලබන බදුකරුවන් සඳහා කඩනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment