නව කැලණි පාලමේ ඇණ ගලවලා නෑ – අනිත් පාඩුව මිලියන 5.9ක් විතරයි

206

ඇමැති බන්දුල

නව කැලණි පාලමේ කොටස් සොරා ගැනීමෙන් වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 5.9ක් බවත් එම පාලමේ කෝටි ගාණක අලාභයක් වී නැති බවත් එහි ඇණ ගලවා නැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19දා) කීවේය.

එසේ නව කැලණි පාලමේ ඇණ ගැලවීමට කිසිවකුට නොහැකි බවත් එසේ ඇණ ගැලවීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂිත උපකරණ එම ඉංජිනේරු සමාගමෙන් ගෙන ආයුතු බවත් හෙතෙම කීවේය.

එහෙත් කැලණි පාලමේ 2021 සිට 2022 මැයි දක්වා කාලයේ දී විවිධ කොටස් හොරකම් කිරීමෙන් මිලියන 294.4ක දළ අලාභයක් සිදුව ඇති බව ද හෙතෙම බව කියා සිටියේය. අමාත්‍යාංශ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment