ඇතැම් සහකාර සුරාබදු කොමසාරිස්වරු තනතුරු ලබා ඇත්තේ හොර විභාගයක් සමත් වෙලා – සජබ නි. මහ ලේකම් මුජිබර් රහුමාන්

54

සුරාබදු දෙපාර්තමේන්තුවේ සමහර වත්මන් සහකාර කොමසාරිස්වරුන් නීත්‍යනුකූල නොවන විභාගයක් සමත්ව එම තනතුරු දක්වා උසස්වීම් ලද නිලධාරීන් බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් මුජිබර් රහුමාන් මහතා පැවසීය

වත්මන් සුරාබදු සහකාර කොමසාරිස්වරුන් මුහුණ දුන් එම විභාගය පිළිබඳ විමර්ශන සිදුකළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අභියාචනා විනිශ්චය අධිකාරිය ද එම විභාගය අනීතික බව තීන්දු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය මහලේකම්වරයා ඇතැම් සුරාබදු නිලධාරීන් මෙම විභාගයට එරෙහිව අධිකරණයට පවා ගොස් ඇතැයි පැවසීය.

මුජිබර් රහුමාන් මේ බව අනාවරණය කළේ ඊයේ (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment