ඩොලර් හිඟය නිසා වරායේ කන්ටේනර් හිරවෙන්න දෙන්නේ නෑ – මහ බැංකු අධිපති

199

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ කිසිදු කන්ටේනරයක් හිරනොවන පරිදි කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව සූදානම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (25දා) පැවැති මහ බැංකු මාධ්‍ය හමුවේදී කීවේය.

වරායේ කන්ටේනර් සිර වී ඇති බවට තමා ඊයේ පුවත්පත් වාර්තාවලින් දුටු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සම`ග ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කළ බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. එසේ ඩොලර් හි`ගය නිසා කන්ටේනර් වරායේ සිර වී ඇත්නම් ඒ ගැන මහ බැංකුවට දැනුම්දෙන ලෙස තමා වෙළෙඳ ඇමැතිවරයාට දැනුම්දුන් බවද, කිසිවිටෙක එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමට සූදානම් බවද කබ්රාල් මහතා පැවසීය. (ඉන්ධන, ගෑස්, කිරිපිටි සහ ගල් අ`ගුරු යනාදියට කිසිදු ප‍්‍රශ්නයකින් තොරව විදේශ මුදල් සැපයීම කරගෙන යන බවත් ඇතැම් අය ඉන්ධන පෝලිම් තිබෙන බව කිව්වත් සාමාන්‍යයෙන් හි`ගයක් නිසා පෝලිම් ඇති වෙන්න ඉඩක් නැති බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. ජාතික පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණේ ඩොලර් හි`ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිර වී ඇති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment