ධර්මසේන සහ මඩුගල්ලත්  ටී-20 ලෝක කුසලානයට

515

ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයකු ලෙස ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල සහ විනිසුරුවරයකු ලෙස කුමාර ධර්මසේන කටයුතු කිරීමට නියමිතව තිබේ.

 මෙවර තරගාවලිය සඳහා විනිසුරුවරුන් 16 දෙනකු සහ තරග තීරකවරුන් 04 දෙනකු නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රංජන් මඩුගල්ල සහ කුමාර ධර්මසේනද ඊට ඇතුළත්ව සිටී. ලෝක කුසලාන

 තරගාවලියේදී මඩුගල්ලට අමතරව ඇන්ඩෘ පික්‍රොප්, ක්‍රිස්ටෝපර් බ්‍රෝඩ් සහ ඩේවිඩ් බූන් තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ලැබේ. ධර්මසේන ද ඇතුළත්ව ඇති විනිසුරු 16 දෙනා අතරට ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක්, අලීම් ඩාර්, අසන් රාසා, ක්‍රිස්ටෝපර් බ්‍රෝන්, ක්‍රිස්ටෝපර් ගෆිනි, ජොයිල් විල්සන්, ලෝංග්ස් රුසෙරේ, මරිස් ඉරමස්, මයිකල්  ගෝෆ්, නිතින් මෙනන්, පෝල් රීෆල්, පෝල් විල්සන්, රිචර්ඩ් ඉලිංවර්ත්, රිචඩ් කෙට්ල්බරෝ, රුඩ්නි ටකර්.

advertistmentadvertistment
advertistmentadvertistment