එල්.පී.එල් කාලසටහන නිකුත් වෙයි

183

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පෙරේදා (12 වැනිදා) මාධ්‍යට නිකුත් කර තිබේ. ඒ අනුව තරගාවලිය ලබන අගෝස්තු 1 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලියේ පළමු තරගය

පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගින් වත්මන් අනුශූරයන් වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග කිරීමට නියමිත අතර එම තරගය අගෝස්තු 1 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා ඇතුළත් සමස්ත තරග ගණන 24ක් වන අතර ඉන් තරග 20ක් පළමු වටයේ දී ද සෙසු තරග 4 සහ අවසන් මහා තරගය දෙවැනි වටයේ දී ද ක්‍රියාත්මක වනු ඇත. තරගාවලියේ පළමු තරග 14 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ සෙසු තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ.

තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

එල්.පී.එල් කාලසටහන නිකුත් වෙයි

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment