ඕෂධ සහ කමිඳු කැන්ඩි රැක ගනිති

150

නැෂනල් සුපර් ලීග් සිව්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුස්සන් තේරීම වෙනුවෙන් පල්ලකැලේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා තරගය පළමු දිනට ප.ව. 2.20 ට අත හැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි කැන්ඩි කණ්ඩායම කඩුලූ 2 කට ලකුණු 192 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප‍්‍රනාන්දු ලකුණු 71 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා සිටි අතර වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයට අහිමිවූ පන්දු වාර සංඛ්‍යාව 31 ක් විය.

ඉනිම ඇරැඹි කමිල් මිශාර මුළු ලකුණු සංඛ්‍යාව 38 ක්ව තිබියදී දවාගත් ධනංජය ලක්ෂාන් ලකුණු 45 ක් ලබා සිටි කසුන් විදුරගේ කඩුල්ල දවා ගත්තේය. පෙරළා උඩ පන්දුවක් රැක ගැනීම නිසා මිශාරගේ ඉනිම ලකුණු 18 කට නිමාවද්දී ඇන්ජලෝ මැතිව්ස්ගේ සහාය ඇතිව කසුන් විදුරව පිටියෙන් ඉවත් කරන විට ඔහු ලකුණු 45 ක් ලබා සිටියේය.

දැවී ගිය කඩුලූ 2 ම ධනංජය ලක්ෂාන්ගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී සුපුරුදු පරිදි ඕෂද ප‍්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 ආසන්නයට රැගෙන ආහ. පන්දු 141 කදී වාර්තා වුණු ඕෂදගේ ලකුණු 71 ක ඉනිමට හතරේ පහර 7 ක්ද පන්දු 65 කදී ගොඩනැංවුණු කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු 51 සඳහා එක් හයේ පහරක් සහ තවත් හතරේ පහර 5 ක්ද එල්ල කර තිබිණ.

කැන්ඩි පළමු ඉනිම පන්දු වාර 59 කදී කඩුලූ 2 ට ලකුණු 192 යි – ( ඕෂද ප‍්‍රනාන්දු 71, කමිඳු මෙන්ඩිස් 51, කසුන් විදුර 45, කමිල් මිශාර 18, ධනංජය ලක්ෂාන් 29/2)

advertistmentadvertistment
advertistmentadvertistment