කීර්තිමත් ශ්‍රී ලාංකේය ආහාර සන්නාමයක් වන KIST, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) CATALYZE ශ්‍රී ලංකා පුද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උසස් ප්‍රමිතියේ දේශීය තක්කාලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ විය. කටාන KIST නිෂ්පාදන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී, Cargills (Ceylon) PLCහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Cargills Food and Beverage Limited විසින් තණමල්විල සහ තඹුත්තේගම ප්‍රදේශවල සිට පැමිණි තෝරාගත් ගොවීන් 40 දෙනෙකු සමඟ මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කරන ලදී. USAID/ශ්‍රී ලංකා සහ මාලදිවයින ආර්ථික වර්ධන කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් වෙස්නර් මහතා සහ සීමාසහිත Cargills Food and Beverage හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා මෙම උත්සවයට සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වන ගොවීන්ට KIST සෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තක්කාලි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලතාවය බව සහතික කිරීම උදෙසා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ නිසි මග පෙන්වීමක් ලැබෙනු ඇත. පුද්ගලික අංශය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය තුළින් USAID හි පුද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘතියෙන් අධි තාක්ෂණික කෘෂිකාර්මික උපකරණ සහ ද්‍රව්‍ය සපයන අතර Cargills බැංකුව ගොවීන්ට ඔවුන්ගේ ඉතිරි ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ණය ලබා දෙයි. සීමාසහති Cargills Food and Beverage ආයතනය, තක්කාලි මිලදී ගැනීම මෙන්ම කෘෂිකාර්මික නවීකරණය පිළිබඳ තාක්ෂණික විශේෂඥතාව ලබාදෙන අතර අස්වනු හානි අවම කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කීර්තිමත් KIST සෝස් සඳහා දේශීයව ලබාගත් තක්කාලි භාවිතය ප්‍රවර්ධනය කිරීම, ආනයන මත රඳා පැවතීම අඩු කිරීමෙන් ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව වෙත ආදායම ආපසු ලබා දීමයි. සීමාසහිත Cargills Food and Beverage සමාගම, USAID හි පුද්ගලික අංශයේ සංවර්ධන ක්‍රියාකාරකම සමඟ සහයෝගීව USAID හි ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය වැඩසටහන යටතේ මෙම පුරෝගාමී නියමු වැඩසටහන දියත් කරන ලද්දේ, නවීනතම දේශගුණික- සහුරු කෘෂිකාර්මික තාක්ෂණය භාවිතා කිරීම තුළින් දේශීය තක්කාලි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමටයි. මෙම ව්‍යාපෘතිය උත්සාහ කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි තක්කාලි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවන (හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 45,000 ක අස්වැන්නක්) අතරම දේශීය තක්කාලි ගොවීන් වෙනුවෙන් ඵලදායිතාව සහ ලාභදායිත්වය ඉහළ නැංවීම වේ. Cargills නියමු වැඩසටහනේ ගොඩනැගුනු සාර්ථකත්වයන් මත අනාගතයේදී කෘෂිකාර්මික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500කට අධික සංඛ්‍යාවක් දක්වා වැඩි කිරීමට අදහස් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment