ලක්මව දිනවා ලක්සෙන් පැමිණේ

228

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා ඊයේ (29 දින) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේ දී කනිෂ්ඨ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහිදී දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි. මෙම තරගාවලිය ඉකුත් 11/06 දින සිට 11/12 දක්වා සියෝල් නුවර පවත්වා තිබුණි.

එමෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර 26 සහ 27 දිනවල පැවති කායවර්ධන ජාත්‍යන්තර ෆෙඩරේෂනයේ තරගාවලියේ දී තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා කායවර්ධන කනිෂ්ඨ විවෘත අංශයෙන්, ස්පෝර්ට්ස් කනිෂ්ඨ විවෘත අංශයෙන් රිදී පදක්කම් 02 ක් සහ ක්ලැසික් කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියේය.
කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment