ප්‍රියමාලිගේ තවත් ගේම් ජානකී එළියට දායි

1038

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ක්‍රිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකී සිරිවර්ධන ගෙන් ප්‍රශ්න කිරීමේදී තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව විසින් සිදුකළ බව කියන තවත් මහාපරිමාණ මූල්‍ය වංචා ගණනාවක් සහ ඒවාට සම්බන්ධ වූ නමගිය පුද්ගලයන් කීපදෙනකු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සිදු කළ බව කියන රුපියල් කෝටි 300කට අධික මූල්‍ය වංචා සිද්ධීන් සඳහා ආධාර උපකාර කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (04 වැනිදා) දහවල්ය.

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිස් සමාගමට අයත් කාර්යාලයක දී ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන සඳහා ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබිණි.

තිළිණි ප්‍රියමාලි සිදුකළ බව කියන මූල්‍ය වංචාවන් පිටුපස ජානකී සිරිවර්ධන සිටින බවට මුල්ම හෙළිදරව්ව කර තිබුණේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද්සාලි විසින්ය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment