‘තුන් පූට්ටු ගේ’ ඔප්පු කළොත් මන්තී‍්‍ර ධුරයෙනුත් යනවා

358

මෛත‍්‍රීපාල සිරිසේන මහින්දානන්දට පිළිතුරු දෙයි

නිවෙස් තුනක් එකට එක් කොට සාදන ලද නිවසක් තමන් නිල වශයෙන් පාවිච්චි කරන්නේ යැයි කිසිවකු විසින් ඔප්පු කළොත් වත්මන් මන්ත ‍්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා* පැහැදිලි කිරිමක් කරමින් පැවසීය.

එහිදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

පසුගිය අ`ගහරුවාදා මා මිත‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා කියූ කරුණු දෙකම නිවැරදි කළ යුතුයි. එකක් මගේ ආණ්ඩුව කාලයේ මම විස්කි බීබි කටයුතු කළ කියලා. ඒක මම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කනවා. මම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුළුල් වැඩසටහනක් ගෙන ගිය අයෙකි.

ඒ වගේම දෙවැනි කාරණය තමයි මම ජනාධිපති ධුරයෙන් ඉවත්වෙලා ගෙවල් තුනක් එකට එකතු කරලා එහි මම පදිංචි වෙලා ඉන්නවා කියලා මේක ගැන මාධ්‍යවලත් පළවුණා. තවත් මන්ත‍්‍රීවරයෙකුත් මෙය කියා තිබුණා. මම බොහොම පැහැදිලිව කියනවා මම ඉන්න නිල නිවාසය ලබා ගත්තේ වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් පසුවයි. ජේ. ආර්. ජයවර්ධන මහතා සම්මත කළ ජනපති හිමිකම් පනතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයෙක් විශ‍්‍රාම ගිය විට ඇමැතිවරයකුට තිබෙන සියලූ වරප‍්‍රසාද දිය යුතුයි කියා. ඒ අනුව මට පෙර සිටි සියලූම ජනාධිපතිවරුන් නිල නිවෙස් ලබා ගෙන තිබෙනවා. සෞඛ්‍ය ඇමැති ලෙස මම හිටපු නිල නිවස තමයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අදත් පාවිච්චි කරන්නේ. චන්ද්‍රිකා කුමාරතුංගට, ඞී. බී. විජේතුංගට මෙන්ම හේමා පේ‍්‍රමදාස මහත්මියටත් ගෙයක් දුන්නා. මම සිටින නිවසට ගෙවල් දෙකක් එකට එකතු කරලා පදිංචියට ඇවිත් තිබෙන්නේ ඞී. බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමයි. මේක වරද්දගෙන තමයි මට චෝදනා කරන්නේ. ඒ සමිට් ප්ලැට් දෙකක් එකතු කරලා තමයි ඞී. බී. විජේතුංග මහත්තයට ලබා දීලා තිබෙන්නේ. අනෙක මේවා පරණ ගෙවල්. බිත්ති පුපුරලා වහලවල් සිවිලිම් කැඩිලා. එළියට පෙනෙන සුඛෝපභෝගී තත්ත්වයක් නෑ, මේවගේ අසත්‍ය ප‍්‍රකාශ ගැන මට කනගාටුයි. මම නිවෙස් තුනක් එකට එකතු කරලා ඉන්නවා කියලා ඔප්පු කළොත් මම මේ මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.

කෙහෙලිය ඇමැතිතුමා ඉන්න කාලයේ අලූත් කොටසක් එක් කරලා තිබුණා මාධ්‍ය සාකච්ඡුා පවත්වන්න. අද නම් මම ඒ මයික් සියල්ල ගලවලා තිබෙන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment