එංගලන්තය නොඑනවාට රමීෂ්ගේ නොසතුට

282

පිරිමි සහ කාන්තා කි‍්‍රකට් තරගාවලි දෙකක් සඳහා තම රටට පැමිණීමට සිටි එංගලන්තය එම තරගාවලි අවලංගු කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට ප‍්‍රකාශ කරන බව පකිස්තාන කි‍්‍රකට් ආයතනයේ සභාපති රමීෂ් රාජා මහතා ප‍්‍රකාශ කර තිබේ.

තරගාවලි අවලංගු කිරීම පිළිබඳව හේතු දැක්වීමට එංගලන්ත කි‍්‍රකට් ආයතනය කරුණු ගොතමින් සිටින බවක් දැනෙන්නට ඇති බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත. එංගලන්තය තමන්ට බොරු කළා වැනි හැඟීමක් තමන්ට දැනෙන බවත් රමීෂ් රාජා මහතා පවසා ඇත. කොරෝනා වෛරසය හමුවේ එංගලන්ත කි‍්‍රකට් ආයතනයට උදව් කරන්න අපි ලොකු කැපකිරීමක් කළා. ඒ සියල්ල අපතේ ගියා. එංගලන්තය පකිස්තානයට උදව් කරන්න ඕන අවස්ථාවක් මේක. අපි ගෞරවනීය කි‍්‍රකට් දේශයක්. අපි මේ අර්බුදයෙන් ගොඩඑනවා. අපිට දැනෙන්නේ අපිට බොරු කළා වගේ හැඟීමක්. අපි මේ ගැන අයිසීසීය සමග සාකච්ඡුා කරනවා යැයි ද රමීෂ් රාජා මහතා ප‍්‍රකාශ කර ඇත.

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම සිය සංචාර අවලංගු කිරීමට පෙර නවසීලන්තය ද පකිස්තානයේ කි‍්‍රකට් තරගාවලිය අවලංගු කළේය. පකිස්තානයත් සමග එක්දින තරගාවලියක් ආරම්භ කිරීමට ස්වල්ප වේලාවකට පෙර ආරක්‍ෂක හේතූන් මත යැයි තරගාවලිය අවලංගු කර ඔවුහු සංචාරය ද අතරමග නතර කර යළි සිය රට බලා පිටත්ව ගියහ. එංගලන්තය සහ පකිස්තානය අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ පන්දුවාර 20-20 තරගාවලිය තරග දෙකකින් යුක්ත වූ අතර එංගලන්ත කාන්තා කණ්ඩායම පකිස්තාන කාන්තා කණ්ඩායම සමගින් එක් දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග තුනක් කී‍්‍රඩා කිරීමට නියමිතව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment