තවත් බිලියන 400ක් ණය වෙන්න කැබිනට් අනුමැතිය

127

විසර්ජන පනත මගින් 2021 වසර සදහා අනුමත ණය සීමාව තවත් රුපියල් බිලියන හාරසියයකින් ඉහළ දැමීම ස`දහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

විසර්ජන පනත සංශෝධනය කිරීම ස`දහා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිවී ඇත.

2021 වසර ස`දහා අනුමතව තිබූ ණය සීමාව රුපියල් බිලියන 2997 කි. නව යෝජනාව අනුව එකී ණය සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩිවී එය බිලියන 3397ක් දක්වා ඉහළ දැමෙනු ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ රජයේ ආදායම් අඩුවීමත් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ වියදම් ඉහළ යෑම සහ ආදායම් අහිමිවූවන් රැුක ගැනීමත් උපයා ගත් ආදායමෙන් වැටුප් ගෙවන ලද රාජ්‍ය ආයතනවල ආදායම් අහිමි වීම හේතුවෙන් වැටුප් මෙන්ම අනිකුත් වියදම් ඉහළ යෑම වැනි කරුණුත් හමුවේ 2021 වසර ස`දහා වූ අනුමත ණය සීමා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment