නිදහස් දිනය කළු දිනයක් කියූ ඉරණමඩු විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

23

නිදහස් දිනය කළු දිනයක් ලෙසට හඳුන්වමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා උතුරේ දේශපාලන නායකයන් ඊයේ (4) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය.

එහිදී විරෝධතාවට එක්ව නොසන්සුන්ව හැසිරුණු යාපනය විශ්වවිද්‍යාල සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටලුවලට විසඳුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුහු හා දේශපාලන නායකයෝ නිදහස් දිනය කළු දිනයක් ලෙස හඳුන්වමින් විරෝධතාවේ නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment