මත් ද්‍රව්‍ය භාවිතයේ ආදීනව තේරුම් ගැනීම වැදගත් – අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් වෙසක් පණිවිඩයක්

147

සෑම බොදුනුවකුම මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව හා ශූන්‍යතාව තේරුම් ගැනීමේ මාර්ගයට පිවිසීම වැදගත් ප්‍රතිපදාවක් වනු ඇති බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතීඥ ශාක්‍ය නානායක්කාර මහතා නිකුත් කර ඇති වෙසක් පිණිවුඩයෙහි දැක්වේ.

මෙම වෙසක් , පොසොන් සමය තුළ සෑම බෞද්ධයෙක්ම මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව හා ශූන්‍යතාවය තේරුම් ගැනීමේ මාර්ගයට පිවිසීම වැදගත් ප්‍රතිපදාවක් වනු ඇත. ඒ සඳහා ගරුතර මහා සංඝරත්නයේ මඟපෙන්වීම යටතේ සියලු විහාරස්ථාන, දහම් පාසල්, බෞද්ධ සංවිධාන සහ ප්‍රජා සංවිධාන ළමුන්ට මෙන්ම දැනට මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර භාවිතයට යොමු වූ අය වෙත ධර්මයේ පණිවුඩය යොමු කර මතින් නිදහස් රටක් ගොඩනැඟීමට ක්‍රියාත්මක වනු ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අපේක්‍ෂා කර සිටී වශයෙන් ද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment