පාරුවක් පෙරලී හයක් අතුරුදන්

195


ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ පාරුවක් අද උදෑසන පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයින් අතර පාසල් ළමුන් ද වන බව වාර්තාවේ.

සිදුවු අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා සිටිති.අතර ඔවුන් මේ වනවිට කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ වනවිටත් පුද්ගලයින් 6 දෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික කිමිඳුම්කරුවන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිඳුම්කරුවන් එම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment