සීමාසහිත Cargills Food and Beverage පුද්ගලික සමාගම, KIST සහ KNUCKLES යන සන්නාමයන් සමඟින්, the MAS Foundation for Change සමඟ එක්ව සාගර පෙරන යන්ත්‍රයක් ස්ථාපනය කරමින් සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් ගෙන ඇත. සාගර පුනර්ජීවනය’ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ජල මූලාශ්‍රවල ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා දායක වීම අරමුණු කරගත් මෙම වැඩසටහනේ ප්‍රධාන සහයෝගිතාකරුවෙක් වන්නේ කොළඹ ඉන්ටරැක්ට් සමාජයයි [Interact Club of Colombo]. සාගර පෙරන යන්ත්‍රය ස්ථාපනය කිරීමේ මූලික පරමාර්ථය වන්නේ ජල මාර්ගවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය හසුකර ගැනීම, එකතු කිරීම සහ ඉවත් කිරීම, ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ එකතු කරන ලද ද්‍රව්‍ය වගකීමෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීම ප්‍රවර්ධනය කිරීමයි.

ප්‍රශ්නය එහි මූලාශ්‍රයෙන් විසඳීමෙන්, මෙම ව්‍යාපෘතිය පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සහ සාගරයට ඇතුළු වීමට පෙර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමට උත්සාහ කරයි. මෙම හවුල්කාරිත්වය යටතේ ප්‍රථම සාගර පෙරන යන්ත්‍රය පසුගියදා බොරලැස්ගමුව වැවේ ස්ථාපිත කරන ලදී. සාගර පෙරන යන්ත්‍රය සවිකිරීමට සමගාමීව, Cargills, MAS සහ Interact Club of Colombo නියෝජනය කරන ස්වේච්ඡා සේවකයන් වැව අසල ඇවිදීමේ මාර්ගය ඇතුළුව අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ කාර්ය භාර ගන්නා ලදී. සාගර පෙරන යන්ත්‍රය මගින් වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 24,000 ක් පමණ එකතු කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් මෙම අපද්‍රව්‍ය සාගරයට ඇතුළු වීම වළක්වා ගත හැකිය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීමට මහජනතාව දිරිමත් කිරීම සඳහා වැවට යාබද ප්‍රදේශයේ KNUCKLES විසින් ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුනක් සවි කරන ලදී.පාරිසරික තිරසාරභාවය ගැන සැලකිලිමත් වෙමින්, KIST සහ KNUCKLES විසින් පශ්චාත්-පරිභෝගික ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ උත්සාහයන් ඉදිරියට ගෙන යනු ඇත

advertistmentadvertistment
advertistmentadvertistment