පීඨාධිපතිට මරණ තර්ජනත් නෑ: පේරාදෙණියේ නවකවධත් නෑ  ‘අන්තරේ’ වැඩබලන කැඳවුම්කරු කියයි

240

“පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔය කියන බරපතළ නවකවධ සිද්ධීන් වෙන්නේ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමාට මහා ශිෂ්‍ය සංගමය මරණ තර්ජනය කළේ නැහැ. ඒක බොරුවක්. අපි කිව්වේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කියලයි” යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු මහතා ‘දිවයින’ට ඊයේ (05 වැනිදා) පැවසීය.

තමන්ට ශිෂ්‍ය සංගම්වලින් මරණ තර්ජන එල්ල වූ බවට ශාස්ත්‍ර පීඨ පීඨාධිපති එල්ල කරන චෝදනාව අන්තරේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බරපතළ අන්දමින් නවකවධය ක්‍රියාත්මකවන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.

එහිදී තවදුරටත් කතා කළ ටෙරන්ස් රුද්‍රිගු මහතා මෙසේ ද කීය.

පේරාදෙණිය කැම්පස් එකේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා කියන දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. එතුමාට මරණ තර්ජනය කළා ලු. බරපතළ විදියට නවකවධය සිදුවෙනව ලු. මේවා බොරු. එහෙම වෙන්නත් කැම්පස් මුළුමනින්ම විවෘත කරලා තියෙන්න එපෑය. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන්ට කෑම ගන්නවත් ආර්ථික වත්කමක් නැහැ. මහපොළත් හරියට දෙන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment