පාස්කු පෙත්සම් විභාගය අවසන් තීන්දුව ඉදිරියේදී

107

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් මුස්ලිම් අන්තවාදීන් 2019. 4. 21 එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත්වු පිරිසට නීතිමය පියවර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සම්බන්ධයෙන් විභාගය 5 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුව ඉදිරියේදී නිකුත් කිරීමට තීරණය කළේය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී වසර දෙකකට අධික කාලයක් තිස්සේ විභාගයට ගැණිනි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. ඉදිරි සති තුන ඇතුළත පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරු මඩුල්ල සියලු පාර්ශවවලට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment