බූස්සේ හදිසි සෝදිසියෙන් ජංගම දුරකථන, සිම්කාඩ් චාජර් එළියට එයි

135

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන දෙකක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28 දා) අත්අඩංගුවට ගෙන ඇත.

දරුණු අපරාධකරුවන් රඳවා සිටින සිරගෙදර සිට පිටතට ජංගම දුරකථන ආධාරයෙන් සම්බන්ධතා පවත්වාගෙන යන බවට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඒ සහ ඩී වාට්ටුවල සූක්‍ෂම ලෙස සඟවා තිබියදී ජංගම දුරකථන 02ක්, සිම් කාඩ් 02 ක් සහ චාජර් දෙකක් සොයාගෙන ඇත.

මෙම බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධකරුවන් බව කියන පොඩි ලැසී ඇතුළු මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වූවන් හා දරුණු ගණයේ අපරාධකරුවෝ රඳවා සිටිති.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment