රන් මාලය කොල්ල කෑ බව පොලිසියට පැමිණිලි කිරීමට ගොස් පොලිසියේදී යකා නටලා

75

තමාගේ පවුම් හතරේ රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලෑ කෑ බවට පිටකොටුව පොලිසියට පැමිණි කොස්තාපල්වරයකු එම නිලධාරියාට බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව පිටකොටුව පොලිසිය පවසන අන්දමට මෙම කොස්තාපල්වරයා මිහින්තලේ පොලිසියේ සේවය කරන අයෙකි. ඔහු නිවාඩු ලබා සිවිල් ඇඳුමින් මෙසේ පොලිසියට පැමිණ ඇත.

තමාගේ රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකෑ බවට පොලිසියට ඔහු පැමිණ ඇත්තේ බීමතින් බව ද පොලිසිය කියයි.මෙහු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ මොහොතේ මෙසේ කලහකාරි ලෙස හැසිරී වෛද්‍යවරයාටද බැණ තර්ජනය කළ බව කියති. තමා කළ පැමිණිල්ල සටහන් කර ගැනීමට ක්‍රියා නොකළ බව කියමින් මොහු මෙසේ හැසිරී ඇති බව පිටකොටුව පොලිසිය කියයි. බීමත් පුද්ගලයකු කරන පැමිණිල්ල පිළිබඳව ඉතා විමසිලිමත්වූ බව පිටකොටුව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මිහින්තලේ පොලිසිය පවසන්නේ මෙම රාළහාමිගේ ක්‍රියා කලාපය පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවය. දැනගැනීමට ලැබෙන තොරතුරු අනුව පිටකොටුව පොලිසිය මේ පිළිබඳව පොලිස් ප්‍රධානීන් දැනුවත් කර ඇති බවය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment