ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 9ක් ශ්‍රී ලංකාවේදී

399

ශ්‍රී ලංකාවේ දී තරග 9 ක් සහ පකිස්තානයේ දී තරග 4 ක් ලෙස 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සලය ඊයේ (15 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය තරගාවලියට ඇතුළත් අතර අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත වේ.

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර එම කාණ්ඩ දෙකේ ඉදිරියෙන්ම පසුවන රටවල් දෙක සුපිරි 4 වටයට සුදුසුකම් ලබයි.

සුපිරි 4 වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත වේ.

වත්මන් ආසියානු ශූරයන් වන ශ්‍රී ලංකාව තම කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතය.

ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය අනෙක් කාණ්ඩය යටතේ තරග වදී.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකැමැත්ත පළ කිරීම මත තරගාවලිය මෙලෙස පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ සත්කාරක අයිතිය පළමුව හිමිව තිබුණේ පකිස්තානයටයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment