පිරිමි දරුවන් ද අපයෝජනයට ලක්වීමේ අවදානමක් – ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති

284

ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අපයෝජනවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණය වී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

එසේම, බාලවයස් ගැහැනු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්වී ඇතැයි ද හෙතෙම කීය.

පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා අනුව බාලවයස් ගැහැනු දරුවන් 10 දෙනකු ගැබ් ගැනීමට ලක්වී තිබේ. වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තා වන බවද සභාපතිවරයා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment