පියා ජීවතුන් අතරින් යද්දී පවන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

2561

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් යුත් තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහනය කර තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය.

දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ දී පන්දු 56 කදී ලකුණු 85 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය පවන් රත්නායක ගේ පියා පෙරේදා (21 වැනිදා) රාත්‍රි ජීවතුන් අතරෙන් සමුගෙන තිබුණි.

තම පියාගේ වියෝව සිදු වී තිබියදී පවන් එම තරගයට සහභාගි වූ අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයෝ ද ජයග්‍රහණයෙන් අනතුරුව සිය කණ්ඩායමේ මිතුරාගේ පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 223 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පවන් රත්නායකට අනගි සහායක් ලබාදුන් නවෝද් පරණවිතාන ලකුණු 47 ක් ලබා ගැනීමට සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment