විශ්වයේ දැවැන්තම පිපිරීමක්

1534


බටහිර තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් විශ්වයේ සිදුව ඇති දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කර ඇත. ඒ බව ඉකුත් 13 වැනිදා නිවේදනය කර තිබේ ,”‍ඒ ටී 2021එල් ඩබ්ලිව් එක්ස් ”‍ යනුවෙන් නම් කර ඇති මෙම දැවැන්ත පිපිරීමෙන් නිකුත්ව ඇති ආලෝකය ”‍සුපර්නෝවා ”‍ යනුවෙන් හැඳින්වෙන පිපිරෙන තාරකාවක් පිපිරීමෙන් විහිදෙන ආලෝකයට වඩා දස ගුණයක් දීප්තිමත් බවත් එම ආලෝකය වසර තුනක කාලයක් දර්ශනය වී ඇති ඇති බව එංගලන්තයේ සදම්ප්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය පිලිප් වයිස්මන් පවසයි .
තාරකා විද්‍යාඥයන්ගේ අධ්‍යයනයට අනුව පෘථිවිය වසර බිලියන හයක් පමණ පැරණි වුවද මෙම පිපිරීම සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියන අටකට පෙරය .පිපිරීම පැරණි වුවද එය තවමත් දුරේක්ෂයන් ජාලයකින් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ආචාර්ය වයිස්මන් කියයි .
සාමාන්‍ය සුපර්නෝවා වර්ගයේ තාරකාවක පිපිරීමෙන් නිකුත් වන ආලෝකය දර්ශනය වනුයේ මාස කිහිපයක කාලයක් පමණක් බව පවසන එම පිපිරීම නිරීක්ෂණය කරන ලද පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය වයිස්මන් .මෙම දැවැන්ත පිපිරීම .සුර්යයාට වඩා දහස් ගුණයක් විශාල වායු වලාකුළක් හේතුවෙන් ඇති වී තිබෙන බව සඳහන් කරයි .

advertistmentadvertistment
advertistmentadvertistment