ආසියානු ටෙනිස් බෝල් ක්‍රිකට් තරගාවලිය

77

ආසියානු ටෙනිස් බෝල් ක්‍රිකට් සංගමයේ හා ශ්‍රී ලංකා ටෙනිස් බෝල් ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම ද සහභාගි වූ ආසියානු ටෙනිස් බෝල් ක්‍රිකට් තරගාවලිය නේපාලයේ පොකාරා නගරයේදී පසුගිය මාසය තුළ පැවැත්විණි.

මේ සඳහා ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවලින් කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් සහභාගි විය.

මෙම තරගාවලිය සඳහා සහභාගි වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රිකට් කණ්ඩායම ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත කුසලාන පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු කරන ලදි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙනිස් බෝල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි ලේකම් එල්. බී. මයිකල් සහ සභාපති විපුල් අබේරත්න යන අය ද සහභාගි විය.

මේ සඳහා සහභාගි වූ සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් වූ අතර මෙම සංචාරය සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රහය දැක්වූ පුද්ගලික අංශයේ ආයතනවලටත් සුබ පතන්නන්ටත් සිය ස්තූතිය පුද කළ කණ්ඩායමේ කළමනාකාර තුමන් ඔවුන්ගේ සහාය නොවන්නට මෙවන් ගමනක් යෑමට සිදු නොවන බව වැඩිදුරටත් ප්‍රකාශ සිටී. ත්‍යාග සහ තිළිණ ප්‍රදානය ආසියානු ටෙනිස් බෝල් ක්‍රිකට් සංගමයේ ලේකම් ඒ. ලැරි මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි.
නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment