පරිසර සමුළුවට සහභාගිවී නොවීමේ තීරණය ඔස්ටේ‍්‍රලියානු අගමැති වෙනස් කරයි

201

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ලබන මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෝප් 26 දේශගුණ සමුළුවට සහභාගී නොවන බවට නිවේදනය කර සිටි ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් ලෝක නායකයන්ගේ බලපෑම් හේතුවෙන් එම සමුළුවට සහභාගී වීමට තීරණය කර තිබේ.

 ලොව පුරා වැඩිවෙමින් පවතින උෂ්ණත්වය පාලනය කිරීම සඳහා නව විසඳුම් සෙවීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවට තමා සහභාගී නොවන බවට අගමැති මොරිසන් විසින් ඉකුත් මාසයේ පවසා සිටීම බොහෝ දෙනාගේ විවේචනයට පාත‍්‍රව තිබිණි. ගෝලීය උණුසුමට මුල්ව ඇති පරිසර උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපානු ලබන ගල් අඟුරු හා ගෑස් නිපදවනු ලබන ප‍්‍රධාන පෙළේ රටක් වන ඔස්ටේ‍්‍රලියාවට ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා එම නිෂ්පාදනයන් අඩු කිරීම කළ යුතු බවට ලෝක නායකයන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.

 ඔස්ටේ‍්‍රලියාවේ දේශගුණික ප‍්‍රතිපත්ති හා කාබන් වායුව පරිසරයට මුදාහැරීම අඩු කිරීම සෙසු රටවලට සාපේක්ෂව නරක මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. පරිසර සමුළුවේ තම සහභාගීත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට ප‍්‍රකාශයක් කර ඇති ඕස්ට‍්‍රඵී ලියානු අගමැතිවරයා මෙම සමුළුව ඉතාමත් වැදගත් සමුළුවක් වීම නිසා තමා එයට සහභාගී වන බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment